Thursday, October 8, 2015

50 ෆේස්බුක් වෙතින් ඇති තරම් SMS chat නොමිලේ!
අපිට ඉතින් දවසෙම ෆේස්බුක් එකේ ඔන්ලයින් ඉන්න බෑනෙ. ඉතින් ඒක හින්ද තමයි ෆේස්බුක් එකෙන් හුදී ජන පහන් සංවේගය උදෙසා ෆේස්බුක් SMS කියල එකක් දීල තියෙන්නෙ. මේකෙන් අපි ෆේස්බුක් ලොග් වෙලා නොහිටියත් අපිට එන messages, photo tags, comments, friend requests, wall posts අපේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවෙ ඕනෙම ජංගම දුරකථන ජාලයක් මේකට ඔට්ටුයි. ඉතින් ගොඩක් අය මේ සේවාව ඇක්ටිව් කරගෙන ඇති. මොකද ඉතින් මේක නිකන් නෙ දෙන්නෙ.
මේ කියන ‍ෆේස්බුක් SMS එහෙම නැත්නම් facebook texts වලට ෆේස්බුක් එකෙන් නම් සත පහක්වත් ගන්නෙ නෑ. ඒත් ෆේස්බුක් එකෙන් එන SMS වලට reply කළොත් සොරිම තමයි. එක SMS reply එකකට රු.2.00 ත් රු.5.00 ත් අතර ගානක් කැපෙනවා. කහඹිලියා ඇඟේ ගෑවිල නෑනෙ විනාඩියක් දෙකක් විතර කතා කරන්න තියෙන සල්ලි එක SMS එකකින් ඉවර කරන්න.
ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. අද කාලෙ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට කවදත් අතහිත දෙන airtel දැන් ෆේස්බුක් SMS සම්පූර්ණයෙන්ම නිකන් දෙන්න පටන් අරන්. දැන් ඉතින් ෆේස්බුක් එකෙන් එන SMS වලට සතයක්වත් කැපෙන්නෙ නැතුව නිකන්ම reply කරන්න පුළුවන්. දවසෙම chat කරන අපේ කට්ටියට ඔන්න චාන්ස් එක. තාම ෆේස්බුක් account එකට airtel නොම්මරයක් දීල නැත්නම් අදම airtel නොම්මරයක් දීල facebook texts ඇක්ටිව් කරගන්න. මතක තියාගන්න මේ චාන්ස් එක airtel වලින් විතරමයි. ඔන්න මමත් airtel නොම්මරයක් දීල facebook texts ඇක්ටිව් කරගත්තා. ඔයාලත් facebook texts ඇක්ටිව් කරගන්න පහළ තියෙන ලින්ක් එකෙන් ෆේස්බුක් එකට යන්න.
කොම්පියුටර් එකෙන් නම්,
http://www.facebook.com/settings?tab=mobile
ෆෝන් එකෙන් නම්,
http://m.facebook.com/settings/sms/
FACEBOOK.COM

49 Facebook Messages පිරිලද? Delete කරන්න අමාරුද? එහෙනම් එක ක්ලික් එකෙන් සේරම Delete කරමු!
ෆේස්බුක්
ඔයා නිතරම ෆේස්බුක් පාවිච්චි කරන කෙනෙක් නම් දවසකට messages ගොඩක් යවනව ඇති. ඒ වගේම ඔයාට messages ගොඩක් එනවත් ඇති. මේව මකනව නම් එකින් එක මකන්න වෙනවා. ඒ නිසා අපි කවුරුවත් ඒක කරන්නෙ නෑ. මේ trick එක පාවිච්චි කරන්න කලින් මගෙ account එකේ unread messages විතරක් 200කට වඩා තිබ්බා.
එහෙනම් බලමු කොහොමද මේක කරන්නෙ කියලා. දැනට මේ වැඩේ කරන්න පුළුවන් Google Chrome වල විතරයි. Firefox වලටත් Extension එකක් තිබ්බට ඒක වැඩ කරන්නෙ නෑ (http://userscripts.org/scripts/show/112883). මුලින්ම Google Chrome වලින් පහළ තියෙන ලින්ක් එකට ගිහින් Extension එක බාගන්න. ඔයා ළඟ Google Chrome නැත්නම් මෙතනින් ගන්න.
Google Chrome Extension:
https://chrome.google.com/…/klmpnhheahecaojonebajllddfhpila…
දැන් Facebook Messages වලට යන්න.
http://www.facebook.com/messages
48 ෆේස්බුක් චැට් කරන්න මෙන්න හොඳම මෘදුකාංගය
ලබාගැනීම්ෆේස්බුක්
පහුගිය දවස්වල මගෙ facebook online chat වැඩ කළේ නෑ. මම කලින් Pidgin software එක දාගෙන හිටියා. ඒත් මට අළුතෙන් windows දැම්මට පස්සෙ ආයෙ Pidgin install කරන්න බැරි වුණා. මොකද Pidgin run කරන්න ඕන කරන GTK Runtime online installer එක ඒ site එකෙන් නවත්තපු නිසා.
ඒත් දැන් Pidgin.exe එක්ක GTK Runtime එකත් එනවා. මේ software එක අනික් chat software වගෙ නෙවෙයි. internet connection එක slow වුණත් හිරවෙන්නෙ නැතුව chat කරන්න පුළුවන්.
මෙන්න අළුත්ම version එක (2012/06), download කරගන්න. (26.11 MB)
http://sourceforge.net/…/2.10.6/pidgin-2.10.6-offl…/download
මෙන්න එයාලගෙ website එක.
software එක install කරලා මේ විදිහට account settings හදාගන්න.
Go to "Accounts" and select "Manage Accounts."
On the Basic tab, enter the following info:
Protocol: XMPP
Username: <your facebook username> [?]
Domain: chat.facebook.com
Resource: Pidgin
Password: <your Facebook password>
Local alias: Your Name
Click the Advanced tab, then enter the following info:
Connect port: 5222
Connect server: chat.facebook.com
ආ.. තව දෙයක්,
Tools>Preferences>Conversations ගිහින් Use font from theme checkbox එක unckeck කරලා font එක විදිහට Iskoola Pota දුන්න නම් සිංහලෙන් chat කරන්න පුළුවන්!
(හැබැයි computer එකේ සිංහල තියෙන්න ඕනෙ. මේක කියවන ඔයාගෙ computer එකේ නම් අනිවා සිංහල තියෙනවා. නැත්නම් මේක කියවන්න බෑනෙ! :D)
TCPDIAG.DL.SOURCEFORGE.NET

47 Windows වලදි ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය 20% කින් හෝ ඊටත් වඩා වැඩිකරගන්න ක්‍රමයක්
ඉඟි සහ ප්‍රයෝග
ඔයා පාවිච්චි කරන්නෙ Windows නම් ඔයා සමහරවිට නොදන්නවා ඇති පරිගණකයේ Windows මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයන් සදහා ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්න බව. අපිට පුළුවන් ලේසියෙන්ම මේක නවත්තන්න. ඒකට පහළ දීල තියෙන පියවර අනුගමනය කරල බලන්න.
මුලින්ම "Start > Run..." ගිහින් "gpedit.msc" කියල type කරල "OK" කරන්න. (Windows7 නම්: Start මෙනු එකට ගිහින් search box එකේ "gpedit.msc" කියල type කළාම ලැබෙන list එකෙන් file එක තෝරන්න.)
"Group Policy" window එක දැන් open වෙන්න ඕනෙ.
දැන් ඒ window එකේ "Local Computer Policy > Computer Configuration > Administrative Templates > Network > QoS Pocket Schedular" වලට ගිහින් "Limit Reservable Bandwidth" උඩ double click කරන්න.
"Limit Reservable Bandwidth Properties" window එක දැන් open වෙන්න ඕනෙ.
මේ window එකේ "Explain" ටැබ් එක වෙත ගියොත් ඔයාට දකින්න පුළුවන් මෙහෙම දෙයක්, "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default. If you enable this setting, you can use the "Bandwidth limit" box to adjust the amount of bandwidth the system can reserve. If you disable this setting or do not configure it, the system uses the default value of 20 percent of the connection." ඒ කියන්නෙ "Not Configured" තිබ්බත් "Disabled" තිබ්බත් පරිගණකය Windows මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයන් සදහා ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නව කියන එක. දැන් මේක වෙනස් කරන්න ආයෙත් "Setting" ටැබ් එකට එන්න.
දැන් "Setting" ටැබ් එකේ තියෙන "Enabled" කියන radio button එක click කරල "Bandwidth limit (%)" කියන තැන "0" type කරල "Next Setting" button එක click කරන්න.
"Limit Outstanding Pockets Properties" යටතේ "Disabled" තෝරල ආයෙත් "Next Setting" button එක click කරන්න.
"Set Timer Resolution Properties" යටතේ "Disabled" තෝරන්න.
දැන් "Apply" click කරල "OK" click කරන්න.
අන්තිමට "Group Policy" window එක close කරන්න.
දැන් ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩිවෙලා තියෙන්න ඕනෙ!
46 සිංහල බෞද්ධ ග්‍රන්ථ රැසක් එකම තැනකින් නොමිලේ
ලබාගැනීම්
පරණ සිංහල බෞද්ධ ග්‍රන්ථ ගොඩක් එකම තැනකින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහෙ පේජ් එකක් අපි හැදුවා. හැබැයි අපි මේක පටන් අරන් නම් දැන් ගොඩක් දවස්. පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් නිසා මේක පිටට ඩවුන්ලෝඩ් කරන්න දෙන එක ටිකක් කල් දාන්න වුණා.
ඇත්තටම කියනවා නම් මේ වෙබ් පේජ් එක පටන් ගත්තේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ 11 වෙනි ගුණ සමරුව වෙනුවෙන්. දැනට මේ වෙබ් පේජ් එකෙන් මෙන්න මේ පොත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉස්සරහට තවත් පොත් මේකට එකතු කරන්න තමා හිතන් ඉන්නෙ.
සිංහල වත්ථු (Sinhala Vaththu) 34.2 MB
සිංහල දීපවංශය (Sinhala Deepawansaya) 32.9 MB
සරල පාලි ශික්ෂකය (Sarala Pali Shikshakaya) 26.9 MB
සද්ධර්මාලංකාරය (Saddharmalankaraya) 184.9 MB
සද්ධර්මරත්නාවලිය (Saddharmarathnawaliya) 270.2 MB
විශුද්ධි මාර්ගය (Vishuddhi Margaya) 189.2 MB
විමාන වත්ථු (Vimana Vaththu) 72.3 MB
මිලින්ද ප්‍රශ්නය (Milinda Prashnaya) 183.2 MB
මහාවංශය (Mahawansaya) 157.7 MB
මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව (Maha Sathipattana Suthra Warnanawa) 37.4 MB
බුත්සරණ (Buthsarana) 70.7 MB
පූජාවලිය (Poojawaliya) 181.1 MB
පිරුවානා පොත් වහන්සේ (Piruvana Poth Wahanse) 88.1 MB
පාලි සිංහල ශබ්දකෝෂය (Pali Sinhala Dictionary) 171.7 MB
ප්‍රේත වස්තු වර්ණනාව (Pretha Vasthu Warnanawa) 31.2 MB
පන්සිය පණස් ජාතකය (Pansiya Panas Jathakaya) 23.8 MB
පංච මහා වාදය (Pancha Maha Wadaya) 79.8 MB
ධම්මපදය (Dhammapadaya) 72.6 MB
ජාතික තොටිල්ල (Jathika Thotilla) 0.3 MB
මේ ඕන පොතක් PDF විදිහට මෙතනින්https://e81962e591147383102a18757ff652afdd408f31.googledriv… ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් පැතූ දේශය ගොඩනංවන්නට දායක වනු වස් වත්මන් පරපුර දැහැමින් හා නිවැරදි දැක්මෙන් පෝෂණය කිරීම උදෙසා වටිනා පැරණි හෙළ බොදු ග්‍රන්ථ රැසක් PDF ගොනු ලෙසින් නොමිලේ සැමට ලබාදීමේ පරමාර්ථයෙන් සිදු කරන්නා වූ පුණ්‍යකර්මයකි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 11 වන ගුණ සමරුව වෙනුවෙන් ඉදිරිපත් ක…
E81962E591147383102A18757FF652AFDD408F31.GOOGLEDRIVE.COM

45 GIT ආදර්ශ විභාගයේ ප්‍රශ්න පත්‍රර (Model Papers)
මොරටුව විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ සංගමය (Intecs), මීරිගම සිංහ සමාජයේ අනුග්‍රයෙන් 2013 ජුනි මස 27 වනදින මීරිගම ඩි.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද GIT තොරතුරු තාක්ෂණ වැඩමුළුව වෙනුවෙන් පිලියෙල කරන ලද පුහුණු ප්‍රශ්න පත්‍රය
1 කොටස
මෙන්න ලින්ක් එක https://bitbucket.org/utop…/isawwa/downloads/GIT-M-01-01.zip
2 කොටස
මෙන්න ලින්ක් එක
https://bitbucket.org/utop…/isawwa/downloads/GIT-M-01-02.zip
BITBUCKET.ORG

44 Hutch වලින් නොමිලේ Internet ආයෙමත්...
මෙන්න මේ code එක USSD වලින් ඩයල් කරන්න
*131*8*4*3#
එතකොට මෙහෙම Msg 3ක් ආවොත් වැඩේ ගොඩ
1 You are now on 3G high speed.
2 Oba 3G high speed wetha maru wee atha / Neengal ipothu 3G high speed sevayil ullergal.
3 Dear customer, your available balance is 10 Mb . Please dial *131# to purchase a pack or reload
හැබැයි දෙන්නේ 10mb විතරයි.
බය වෙන්න එපා ඒ 10mb ඉවර වෙනකොට ආයෙත් අර code එක ඩයල් කරන්න.