අපිට ඉතින් දවසෙම ෆේස්බුක් එකේ ඔන්ලයින් ඉන්න බෑනෙ. ඉතින් ඒක හින්ද තමයි ෆේස්බුක් එකෙන් හුදී ජන පහන් සංවේගය උදෙසා ෆේස්බුක් SMS කියල එකක් දීල තියෙන්නෙ. මේකෙන් අපි ෆේස්බුක් ලොග් වෙලා නොහිටියත් අපිට එන messages, photo tags, comments, friend requests, wall posts අපේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවෙ ඕනෙම ජංගම දුරකථන ජාලයක් මේකට ඔට්ටුයි. ඉතින් ගොඩක් අය මේ සේවාව ඇක්ටිව් කරගෙන ඇති. මොකද ඉතින් මේක නිකන් නෙ දෙන්නෙ.
මේ කියන ෆේස්බුක් SMS එහෙම නැත්නම් facebook texts වලට ෆේස්බුක් එකෙන් නම් සත පහක්වත් ගන්නෙ නෑ. ඒත් ෆේස්බුක් එකෙන් එන SMS වලට reply කළොත් සොරිම තමයි. එක SMS reply එකකට රු.2.00 ත් රු.5.00 ත් අතර ගානක් කැපෙනවා. කහඹිලියා ඇඟේ ගෑවිල නෑනෙ විනාඩියක් දෙකක් විතර කතා කරන්න තියෙන සල්ලි එක SMS එකකින් ඉවර කරන්න.
ඔන්න දැන් ඒ ප්රශ්නෙත් ඉවරයි. අද කාලෙ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට කවදත් අතහිත දෙන airtel දැන් ෆේස්බුක් SMS සම්පූර්ණයෙන්ම නිකන් දෙන්න පටන් අරන්. දැන් ඉතින් ෆේස්බුක් එකෙන් එන SMS වලට සතයක්වත් කැපෙන්නෙ නැතුව නිකන්ම reply කරන්න පුළුවන්. දවසෙම chat කරන අපේ කට්ටියට ඔන්න චාන්ස් එක. තාම ෆේස්බුක් account එකට airtel නොම්මරයක් දීල නැත්නම් අදම airtel නොම්මරයක් දීල facebook texts ඇක්ටිව් කරගන්න. මතක තියාගන්න මේ චාන්ස් එක airtel වලින් විතරමයි. ඔන්න මමත් airtel නොම්මරයක් දීල facebook texts ඇක්ටිව් කරගත්තා. ඔයාලත් facebook texts ඇක්ටිව් කරගන්න පහළ තියෙන ලින්ක් එකෙන් ෆේස්බුක් එකට යන්න.
කොම්පියුටර් එකෙන් නම්,
http://www.facebook.com/settings?tab=mobile
ෆෝන් එකෙන් නම්,
http://m.facebook.com/settings/sms/
http://www.facebook.com/settings?tab=mobile
ෆෝන් එකෙන් නම්,
http://m.facebook.com/settings/sms/







